සුජාතා සිටු දේවිය කිරිපිඬු පූජා කල පසු එය අනුභව කල බෝසතාණන් වහන්සේ පාත්‍රය නේරංජනා නදියේ පාකර ''මාගේ ව්‍යායාමය සාර්ථක වීනම් මේ පාත්‍රය උඩුගං බලා පාවෙන සේක්'' යැයි ප්‍රාර්ථනා කලහ. එම නේරංජනා නදියේ කොටසක් අදටත් හිරිවඩුන්න අසල දැකගත හැක.
Tuesday, May 31, 2011
Friday, April 1, 2011
බුද්ධත්වයට පත්වීම සිදු වූ ගයාව...1
අප ඉගෙන ගන්නේ බුද්ධත්වයට පත්වීම සිදුවූයේ ඉංදියාවේ උරුවෙල් දනව්වේ ගයා පෙදෙසේ පිහිටි ඇසතු බෝ රුක් මුලදී යනුවෙනි. මෙය ඔප්පු කිරීම සඳහා අප උපයෝගීකරගන්නේ අශෝක රජු පිහිටවූ ශිලා ලේඛනයි. නමුත් බුද්ධත්වයට පත්වීම සිදුවූයේ මේ හෙල බිමේ බවට මතයක්ද පවතී. ඉහත ලිපිවලින් සිදුහත් උපත සිදුවූ ස්ථානය පිළිබඳව පැවසූවා සේ බුද්ධත්වයට පත්වීම සිදුවූයේ හෙල දිව හිරිවඩුන්න ප්‍රදේශයේ බව එම මතයයි. හිරිවඩුන්න ප්‍රදේශයේ වර්ථමානයේ පවා එම බෝ රුක දැකගත හැකිය. එසේම අද පවා බුදුරජාණන් වහන්සේ බිම ඇතිරීමට යොදාගත් කුස තණ පඳුරු ඒ අවට දැකගත හැක.
එසේම බුදුරජාණන් වහන්සේට අව් වැසි වලින් ආරක්ෂා වීමට මුචලින්ද නම් නාග ගෝත්‍රික ප්‍රාදේශීය රජු විසින් තනවා දුන් කුටිය තුල තිබූ ගල් අසුන පවා බෝධීන් වහන්සේගේ මුල් වල ග්රහනයට නතුවී නොසෙල්විය හැකි සේ තවමත් තිබේ.

Tuesday, March 29, 2011
හෙළයිනි අවදිවව්...!!!: සිදුහත් කුමරාගේ උත්පත්තිය සිදුවූ ලුම්බිණි සල් උයන-...
හෙළයිනි අවදිවව්...!!!: සිදුහත් කුමරාගේ උත්පත්තිය සිදුවූ ලුම්බිණි සල් උයන-...: "මෙම විහාරස්ථානය අවට වනාන්තරයේ සහ බඹරගල කන්දේ ගල් ගුහා විශාල සංඛ්‍යාවක් පිහිටා ඇති අතර බොහොමයක් එදා බුදුන් දවස සංඝයා වහන්සේලාට පූජා කල ලෙන් ව..."
සිදුහත් කුමරාගේ උත්පත්තිය සිදුවූ ලුම්බිණි සල් උයන-2
මෙම විහාරස්ථානය අවට වනාන්තරයේ සහ බඹරගල කන්දේ ගල් ගුහා විශාල සංඛ්‍යාවක් පිහිටා ඇති අතර බොහොමයක් එදා බුදුන් දවස සංඝයා වහන්සේලාට පූජා කල ලෙන් වේ. මෙහි ඇති ප්‍රධානම ලෙනෙහි කටාරමට යටින් කොටා ඇති සෙල් ලිපියෙහි දැක්වෙන පරිදි බුදුන් වහන්සේ එදා සක්කපඤහ සූත්‍රය දෙසූ ඉන්ද්‍රසාල ගුහාව මෙම ස්ථානයයි.
Thursday, March 24, 2011
සිදුහත් කුමරාගේ උත්පත්තිය සිදුවූ ලුම්බිණි සල් උයන-1
සිදුහත් කුමරා උපන්නේයැයි සැලකෙන ලුම්බිණි සල් උයන පිහිටා ඇත්තේ නේපාලයේ බව අප කුඩා කල පටන් ඉගෙනගන්නා දෙයකි. එම ස්ථානයේ අශෝක රජතුමා ශිලා ලේඛනයක් සහිත අශෝක ස්ථම්භයක් පිහිටුවා ඇත. නමුත් වර්ථමානයේ මෙහි එකදු සල් ගසක් හෝ දැකගත නොහැකිය.
ලුම්බිණි සල් උයන පිහිටා ඇත්තේ මේ හෙළ බිමේ බව අනෙක් මතයයි. එම ස්ථාන බඹරගල පුරාණ විහාරස්ථානය පිහිටි ප්‍රදේශය බව එම මතය දරන්නන්ගේ අදහසයි. එම අදහස සනාථ කිරීමට මෙන් අදටත් එම විහාරස්ථානය අවට වසර දහස් ගණනක් පැරණි බව පෙනෙන විශාල සල් ගස් දැකගත හැක.

බඹරගල විහාරය
එම ප්‍රදේශයේ දක්නට ලැබෙන සල් ගසක්
Wednesday, March 23, 2011
මේ හෙළ බිම බුදුන් උපන් දේශයයි...!!!
'සිදුහත් කුමරා උත්පත්තිය ලැබුවේත් බුද්ධත්වයට පත්වූයේත් පිරිණිවන් පෑවේත් මේ අප උපන් හෙළ දිවමය'. මෙම අදහස අද යම්තාක් දුරට සමාජයේ පැතිරී යන අදහසකි. එනමුදු අපිට සියල්ල ලැබුණේ ඉංදියාවෙන්යැයි සිතාගෙන සිටින බොහොමයක් බෞද්ධයෝ මෙම අදහසට එකඟ නොවෙති. මෙය ඇත්ත වශයෙන්ම බෞද්ධයාගේ වරදක් නොව අප ලබාගන්නා පරගැති අධ්‍යාපන ක්රමයේ වරදකි.
මහාවංශයට අනුව අප පැවතෙනුයේ විජය රජුගෙනි. ඔහු ඉංදියානුවෙකි. මහාවංශය මුලින්ම ලියුවේද ඉංදියානු හිමි නමකි. අප පාසලේ උගන්නා ඉතිහාස පොතට අනුවත් අපට සංස්කෘතියක් සංගීතයක් නැටුම් කලාවක් ලැබුණේ ඉංදියාවෙනි. අපේ ඉතිහාස පොත ලියුවේ ඉංග්‍රීසි කාරයෙකි.
අප උගන්නා අපේ ඉතිහාසයත් අපේ අතීතය පිළිබඳ මහා ග්‍රන්ථය යැයි සැලකෙන මහාවංශයත් ලියා ඇත්තේ හෙලයන් විසින් නොවේ..!!! පිටරැටියන් ලියූ අපේ ඉතිහාසය පරම සත්‍යය ලෙස පිළිගැනීමට ඔබ සූදානම්ද?
බුදුන් උපන්නේ මේ හෙළ බිමේ යැයි මා පවසන්නේ එය මාගේ හිතට පැමිණි තවත් එක් සිතුවිල්ලක් නිසා නොවේ. මා පාසලේදී එකල උගත් දෙය තියුණු ලෙස විශ්ලේෂණය කිරීමට පෙළඹුණේ එහි මාගේ කුතුහලය වැඩ වූ බොහෝ දේ තිබූ බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙසත් හෙළ දිව බොහෝ තැන්වල ගවේශණය කිරීමෙන් මා ලද දැනුමත් එම ඉහත අදහස පහල කිරීමට හේතු භූත විය.
මාගේ විශ්ලේෂණාත්මක විග්‍රහය ඉදිරිපත් කිරීමට මත්තෙන් ඔබ මේ අදහස පිළිබඳ දරණ මත දැනගනීමට මම කැමැත්තෙමි. ඉතින් පවසන්න ඔබේ අදහස්...

මගේ අරමුණ
ආයුබෝවන්...!!!
මේ බ්ලොගය විවර වන්නේ කිසිවෙකුට හෝ ගැරහීමටවත් කිසිදු දේශපාලන අරමුණකින්වත් නොවනා බව පළමුව කිව යුතුය. මෙය හුදෙක් සිංහල බෞද්ධයා හෙළ දිව ඔහු නොදත් දේ පිළිබඳව දැනුවත් කිරීමටත් හෙළ බොදු උරුමය සුරැකීමට ඔහුට ඇති වගකීම පෙන්වා දීමටත් ගන්නා උත්සාහයකි.
බෞද්ධයන් වශයෙන් අප එකිනෙකාට මෛත්‍රී කලයුතු අතර වෙනත් ආගම්වලට හෝ පුද්ගලයන්ට වෛරයෙන් බැණ වැදීම තරම් නොවේ. එම නිසා කරුණාකර මෙහි ඔබගේ අදහස් පළ කරන විට අසැබි වචන භාවිතා නොකරන්න. මෙම බ්ලොගයේ ඉදිරියට සඳහන්වන බොහෝ දේ හුදෙක් බෞද්ධයාගේ දැනගැනීම සඳහා පමණක් වුවත් ඕනෑම අන්‍යාගමිකයෙකුට තම අදහස් පල කල හැකිය. අසැබි වචන භාවිතාකරණ අදහස් පමණක් මකාදමනු ලබන අතර අනෙකුත් සෑම අදහසක්ම පළ කරණු ලැබේ.

Subscribe to:
Posts (Atom)