Wednesday, March 23, 2011

මේ හෙළ බිම බුදුන් උපන් දේශයයි...!!!

'සිදුහත් කුමරා උත්පත්තිය ලැබුවේත් බුද්ධත්වයට පත්වූයේත් පිරිණිවන් පෑවේත් මේ අප උපන් හෙළ දිවමය'. මෙම අදහස අද යම්තාක් දුරට සමාජයේ පැතිරී යන අදහසකි. එනමුදු අපිට සියල්ල ලැබුණේ ඉංදියාවෙන්යැයි සිතාගෙන සිටින බොහොමයක් බෞද්ධයෝ මෙම අදහසට එකඟ නොවෙති. මෙය ඇත්ත වශයෙන්ම බෞද්ධයාගේ වරදක් නොව අප ලබාගන්නා පරගැති අධ්‍යාපන ක්‍රමයේ වරදකි.

මහාවංශයට අනුව අප පැවතෙනුයේ විජය රජුගෙනි. ඔහු ඉංදියානුවෙකි. මහාවංශය මුලින්ම ලියුවේද ඉංදියානු හිමි නමකි. අප පාසලේ උගන්නා ඉතිහාස පොතට අනුවත් අපට සංස්කෘතියක් සංගීතයක් නැටුම් කලාවක් ලැබුණේ ඉංදියාවෙනි. අපේ ඉතිහාස පොත ලියුවේ ඉංග්‍රීසි කාරයෙකි.

අප උගන්නා අපේ ඉතිහාසයත් අපේ අතීතය පිළිබඳ මහා ග්‍රන්ථය යැයි සැලකෙන මහාවංශයත් ලියා ඇත්තේ හෙලයන් විසින් නොවේ..!!! පිටරැටියන් ලියූ අපේ ඉතිහාසය පරම සත්‍යය ලෙස පිළිගැනීමට ඔබ සූදානම්ද?

බුදුන් උපන්නේ මේ හෙළ බිමේ යැයි මා පවසන්නේ එය මාගේ හිතට පැමිණි තවත් එක් සිතුවිල්ලක් නිසා නොවේ. මා පාසලේදී එකල උගත් දෙය තියුණු ලෙස විශ්ලේෂණය කිරීමට පෙළඹුණේ එහි මාගේ කුතුහලය වැඩ වූ බොහෝ දේ තිබූ බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙසත් හෙළ දිව බොහෝ තැන්වල ගවේශණය කිරීමෙන් මා ලද දැනුමත් එම ඉහත අදහස පහල කිරීමට හේතු භූත විය.

මාගේ විශ්ලේෂණාත්මක විග්‍රහය ඉදිරිපත් කිරීමට මත්තෙන් ඔබ මේ අදහස පිළිබඳ දරණ මත දැනගනීමට මම කැමැත්තෙමි. ඉතින් පවසන්න ඔබේ අදහස්...

3 comments:

  1. සිදුහත් කුමාරයා ලක්දිව උපන් අයෙක් බව මාත් අහල තියෙනව. එතුම ඉපදුන ලුම්බිණිය තියෙන්නෙ බඹරගල බවත්, බුද්ධත්වයට පත්වුන බෝධිය තියෙන්නෙ හිරිවඩුන්නෙ කියලත් මන් අහල තියෙනව. මේ පිළිබඳව ලියවුනු පොතක් තියෙනව.

    ReplyDelete
  2. නෑ මිත්‍රයා.ගෞතම බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ සහ අසූ වසක් දිවිගෙව්වේ දඹදිව(ඉන්දියාවේ) මිස සිරිලක නොවේ.නමුත් තමන් වහන්සේගේ උතුම් සද්ධර්මය හා බුදුසසුන ස්ථාවරව පවතින්නේ මේ සිරිලක නමැත් පිංබිමේ බව උන්වහන්සේ දිවැසින් දැක තිබුණා.උන් වහන්සේ තුන් වතතාවක්ම මෙරටට වැඩම කළේ ඒක නිසයි.

    ReplyDelete
  3. බුදුන්වහන්සේ තමන් උපන් ස්ථානයට ආසන්නයේ පහිටි ඉන්දසල ගුහාවේ සක්කපඤ්ඤ සුත්‍රය දේශනා කල බවත් එම ඉන්දසල ගුහාවේ වසරක් වැඩසිටිය බවත් දැක්වේ. ලංකා ශිලා ලේඛන සංග්‍රහයේ ඉන්දසල ගුහාව මහනුවර තෙල්දෙණියේ බඹරගල රජමහ විහාරයේ පිහිටා ඇති බව තහවුරුකර තිබෙනවා. සක්කපඤ්ඤ සුත්‍රයේ පටන් ගැනීමේදී පචින රජගේ රාජධානිය සහ අම්බසන්ඩා බමුණු ගමක් ගැන සඳහන් වෙනවා. පචින රජ ගැන ලියවුනු සෙල්ලිපි බඹරගල රජ මහා විහාරයේ තියෙනවා. පචින රජුගේ දේවිය වන , කොඤර බමුණාගේ දුවද වන උපාසිකා දිත්තා ගේ ලෙන කියා ලෙනක කොට තියෙනවා. තව සෙල්ලිපියක පචින රජුගේ පුත් තිස්ස ගේ ලෙන වැඩි නොවැඩි සතර දිශා සංඝයාට පුජ කල බව දැක්වෙනවා. පචින රජගේ පුතාගේ බිරිඳගේ ගේ ලෙන වැඩි නොවැඩි සතර දිශා සංඝයාට පුජ කල බව තවත් සෙල්ලිපියක දැක්වෙනවා අම්බසන්ඩා බමුණු ගම තහවුරු වෙන සෙල්ලිපිද තිබෙනවා.මහමායා දේවිය කෝලිය වංශිකයකු බව අප දන්නවා. කෝලිය ගම ස්තුපය කියා තව සෙල්ලිපියක් තියෙනවා. සිදුහත් කුමරු උපන් ස්ථානයෙන් ගිනිකොනට තෙල් නමින් නදියක් ගලාගිය බව දැක්වේ. බොහෝවිට තෙල්නාදිය. තෙල්දෙණිය බවට පත් වුවා විය හැක.

    ReplyDelete