Wednesday, March 23, 2011

මේ හෙළ බිම බුදුන් උපන් දේශයයි...!!!

'සිදුහත් කුමරා උත්පත්තිය ලැබුවේත් බුද්ධත්වයට පත්වූයේත් පිරිණිවන් පෑවේත් මේ අප උපන් හෙළ දිවමය'. මෙම අදහස අද යම්තාක් දුරට සමාජයේ පැතිරී යන අදහසකි. එනමුදු අපිට සියල්ල ලැබුණේ ඉංදියාවෙන්යැයි සිතාගෙන සිටින බොහොමයක් බෞද්ධයෝ මෙම අදහසට එකඟ නොවෙති. මෙය ඇත්ත වශයෙන්ම බෞද්ධයාගේ වරදක් නොව අප ලබාගන්නා පරගැති අධ්‍යාපන ක්‍රමයේ වරදකි.

මහාවංශයට අනුව අප පැවතෙනුයේ විජය රජුගෙනි. ඔහු ඉංදියානුවෙකි. මහාවංශය මුලින්ම ලියුවේද ඉංදියානු හිමි නමකි. අප පාසලේ උගන්නා ඉතිහාස පොතට අනුවත් අපට සංස්කෘතියක් සංගීතයක් නැටුම් කලාවක් ලැබුණේ ඉංදියාවෙනි. අපේ ඉතිහාස පොත ලියුවේ ඉංග්‍රීසි කාරයෙකි.

අප උගන්නා අපේ ඉතිහාසයත් අපේ අතීතය පිළිබඳ මහා ග්‍රන්ථය යැයි සැලකෙන මහාවංශයත් ලියා ඇත්තේ හෙලයන් විසින් නොවේ..!!! පිටරැටියන් ලියූ අපේ ඉතිහාසය පරම සත්‍යය ලෙස පිළිගැනීමට ඔබ සූදානම්ද?

බුදුන් උපන්නේ මේ හෙළ බිමේ යැයි මා පවසන්නේ එය මාගේ හිතට පැමිණි තවත් එක් සිතුවිල්ලක් නිසා නොවේ. මා පාසලේදී එකල උගත් දෙය තියුණු ලෙස විශ්ලේෂණය කිරීමට පෙළඹුණේ එහි මාගේ කුතුහලය වැඩ වූ බොහෝ දේ තිබූ බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙසත් හෙළ දිව බොහෝ තැන්වල ගවේශණය කිරීමෙන් මා ලද දැනුමත් එම ඉහත අදහස පහල කිරීමට හේතු භූත විය.

මාගේ විශ්ලේෂණාත්මක විග්‍රහය ඉදිරිපත් කිරීමට මත්තෙන් ඔබ මේ අදහස පිළිබඳ දරණ මත දැනගනීමට මම කැමැත්තෙමි. ඉතින් පවසන්න ඔබේ අදහස්...

මගේ අරමුණ

ආයුබෝවන්...!!!

මේ බ්ලොගය විවර වන්නේ කිසිවෙකුට හෝ ගැරහීමටවත් කිසිදු දේශපාලන අරමුණකින්වත් නොවනා බව පළමුව කිව යුතුය. මෙය හුදෙක් සිංහල බෞද්ධයා හෙළ දිව ඔහු නොදත් දේ පිළිබඳව දැනුවත් කිරීමටත් හෙළ බොදු උරුමය සුරැකීමට ඔහුට ඇති වගකීම පෙන්වා දීමටත් ගන්නා උත්සාහයකි.

බෞද්ධයන් වශයෙන් අප එකිනෙකාට මෛත්‍රී කලයුතු අතර වෙනත් ආගම්වලට හෝ පුද්ගලයන්ට වෛරයෙන් බැණ වැදීම තරම් නොවේ. එම නිසා කරුණාකර මෙහි ඔබගේ අදහස් පළ කරන විට අසැබි වචන භාවිතා නොකරන්න. මෙම බ්ලොගයේ ඉදිරියට සඳහන්වන බොහෝ දේ හුදෙක් බෞද්ධයාගේ දැනගැනීම සඳහා පමණක් වුවත් ඕනෑම අන්‍යාගමිකයෙකුට තම අදහස් පල කල හැකිය. අසැබි වචන භාවිතාකරණ අදහස් පමණක් මකාදමනු ලබන අතර අනෙකුත් සෑම අදහසක්ම පළ කරණු ලැබේ.