Friday, April 1, 2011

බුද්ධත්වයට පත්වීම සිදු වූ ගයාව...1

අප ඉගෙන ගන්නේ බුද්ධත්වයට පත්වීම සිදුවූයේ ඉංදියාවේ උරුවෙල් දනව්වේ ගයා පෙදෙසේ පිහිටි ඇසතු බෝ රුක් මුලදී යනුවෙනි. මෙය ඔප්පු කිරීම සඳහා අප උපයෝගීකරගන්නේ අශෝක රජු පිහිටවූ ශිලා ලේඛනයි. නමුත් බුද්ධත්වයට පත්වීම සිදුවූයේ මේ හෙල බිමේ බවට මතයක්ද පවතී. ඉහත ලිපිවලින් සිදුහත් උපත සිදුවූ ස්ථානය පිළිබඳව පැවසූවා සේ බුද්ධත්වයට පත්වීම සිදුවූයේ හෙල දිව හිරිවඩුන්න ප්‍රදේශයේ බව එම මතයයි. හිරිවඩුන්න ප්‍රදේශයේ වර්ථමානයේ පවා එම බෝ රුක දැකගත හැකිය. එසේම අද පවා බුදුරජාණන් වහන්සේ බිම ඇතිරීමට යොදාගත් කුස තණ පඳුරු ඒ අවට දැකගත හැක.

එසේම බුදුරජාණන් වහන්සේට අව් වැසි වලින් ආරක්ෂා වීමට මුචලින්ද නම් නාග ගෝත්‍රික ප්‍රාදේශීය රජු විසින් තනවා දුන් කුටිය තුල තිබූ ගල් අසුන පවා බෝධීන් වහන්සේගේ මුල් වල ග්‍රහනයට නතුවී නොසෙල්විය හැකි සේ තවමත් තිබේ.